දෙපාවල සඳුන් ගැල්වීමේ ආනිසංස

තෝදෙය්‍ය හිමි සුමේධ බුදුරජාණන් වහන්සේ ගේ දෙපාවල සඳුන් ගැල්වූ පිනින් බොහෝ ආනිසංස ලබා ඇත.

  • සියල්ලන් විසින් පිළිගන්නා ලද වචන ඇත්තෙක් වේ.
  • ශ්‍රේෂ්ඨ වූයේ වේ.
  • සෘජු සිත් ඇත්තේ වේ.
  • එසේම කල්ප විසි පහක් ඇfඟන් ප්‍රභා විහිදී ඇත.
  • ඒ පිනින් කල්ප දෙදහස් හයසීයයක් දෙව්ලොව සැප විඳින්න ලැබුණා.
  • දහස් වරක් සක්විති රජවිය.
  • තුන්සිය වතාවක් සක් දෙවිඳුව උපන්නා.
  • බොහෝ වාර ප්‍රදේශ රාජ්‍යයන් ද ලැබුණා.

අවසානයේ අප බුදු සසුනේ නිවන් සුවය ද අවබෝධ කර ගැනීමට ඒ පින උපනිශ්‍රය වූ බව හාරසිය අටවන අපදානයේ දැක්වේ.