ඉදිකටු පූජාවේ ආනිසංස

සුවිදායක හිමි විපස්සී බුදුරජුන්ට ඉදිකටු පූජා කළ පිනින් හත් වරක් සක්විති රජවිය.

(94 වන අපදානය)

පිළින්‍දිවච්ඡ අපදානයට අනුව මේ විපාක ලැබෙන්නා හ.

  • කුකුස් සිඳලීමේ ශක්තිය ලැබේ. සැක නැත්තෙකු වේ.
  • විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
  • බොහෝ භෝග සම්පත් ලැබේ.
  • තීක්‍ෂණ නුවණක් ලැබේ.
  • ගැඹුරු වු සියුම් ධර්ම කාරණා වහා වටහා ගැනීමේ ශක්තියක් ඇත්තෙකු වන්නේ ය.