ප්‍රාර්ථනා කරන සිදු කිරිමට බලාපොරොත්තු වන සිදු කිරිමට උත්සහ කරන ආත්මාර්ථපරාර්ථයන්ගේ සිද්ධිය කාමභාග්ය නම් වේ. තමාගේ යහපත පිණිස හෝ සිදු කිරිමට බලාපොරොත්තු වන දේවල් බලාපොරොත්තු වන සැටියට සැමට ම සිදු නොවේ. සිදු කිරිමට සැම දෙනම සමත් නො වෙති. මහාබෝසතාණෝ දීපංකර බුදුරදුන් හමුවේ දී ලොව්තුරා බුදුබවට පැමිණිම වු මහත් වූ අර්ථයක් පැතුහ. උන්වහන්සේට පැතු පරිදි එය සිදු විය. එය සිදු කර ගැනුම උන් වහන්සේ සමත් වූහ. ලොවුතුරා බුදුබවට පැමිණ තමන් වහන්සේ සසරින් එතර වී තවත් සත්වයන් සසරින් එතර කරවිය හැකිය වීමෙන් උන් වහන්සේගේ බලාපොරොත්තුව ද එසේම සිදු විය. සූවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් සසරසයුරෙන් එතර කරවිය හැකි වීමෙන් උන් වහන්සේගේ බලාපොරොත්තුව ද එසේම සිදු විය. සසරින් එතෙර වු සූවිසි අසංඛ්‍ය හැර තවත් අප්‍රමාණ සත්ත්වයනට මනුෂ්‍ය දිව්යබ්රහ්මසම්පත් ද උන් වහන්සේට ලබාදිය හැකි විය. අපායට වැටෙන්නට සිටි අපමණ සත්ත්වයෝ උන් වහන්සේ නිසා අපායෙන් මිදී ස්වර්ග සම්පත් ලබාගත්හ. දැනුදු ලබාගන්නාහ. අනාගතයෙහි ද ලබාගන්නාහ. අදහස් කරන පරිදි ආත්මාර්ථපරාර්ථ සිද්ධිය කාමභාග්යයෙන් යුක්ත වන බැවින් ද තථාගතයන් වහන්සේ භගවා නම් වන සේක.