දුර සිටින නෑයකු හෝ මිතුරකු හෝ අන් සැලකිය යුත්තකු හෝ තමන් වෙත පැමිණෙන කල්හි මනුෂ්‍යයෝ ඔවුනට සංග්‍රහ කිරිම පිණිස ආහාරපානාදිය පිළියෙල කෙරෙති. එසේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ සත්කාරය පාහුන නමි. ඒ පාහුනය ඔවුනට මිස අනිකකුට දීම නුසුදුසු ය. එබැවින් මනුෂ්‍යයෝ පාහුනයක් පිළියෙල කර ගෙන සිටින කල්හි දුගී මගී යාචකාදින් පැමිණිය ද ඔවුනට නො දෙති. පැවිද්දන් පැමිණිය හොත් ඒ ආගන්තුකයන්ට පිළියෙල කළ දෙය වුව ද දෙති. එසේ දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝයා වහන්සේ පාහුනය වුව ද පිරිනැමීමට සුදුසු වන්නේ වන නිසා ය. සංඝයා වහන්සේ එය පිළිගැනිමට සුදුසු වන්නේ ඒ සත්කාරය ආගන්තුකයන්ට පිරිනැමීමෙන් වන ලාභයට වඩා උසස් අනුහසක් සංඝයාහට පිරිනැමිමෙන් දායකයාට ලැබිය හැකි වන බැවිනි.