පටිච්චසමුප්පාද පාලිය

  • අවිජ්ජා පච්චයා සංඛාරා,
  • සංඛාර පච්චයා විඤ්ඤාණං,
  • විඤ්ඤාණ පච්චයා නාමරූපං,
  • නාමරූප පච්චයා සළායතනං,
  • සළායතන පච්චයා එසො,
  • ඵස්ස පච්චයා වේදනා,
  • වේදනා පච්චයා තණ්හා,
  • තණ්හා පච්චයා උපාදානං,
  • උපාදාන පච්චයා හවො,
  • භව පච්චයා ජාති,
  • ජාති පච්චයා ජරා මරණං සොක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා සම්භවන්ති’ ති.

එවමෙතස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

තේරුම

  • අවිද්‍යාව නිසා සංස්කාරයෝ (පින් පව්) හට ගනිත්.
  • සංස්කාරයන් නිසා (ප්‍රතිසන්ධි) විඥාන පහළ වේ.
  • විඥාන නිසා නාමරූප දෙක හට ගනී.
  • නාමරූපය නිසා ෂඩායතනය පහළ වේ.
  • ෂඩායතනය නිසා ස්පර්ශය පහළ වේ.
  • ස්පර්ශය නිසා වේදනාව පහළ වේ.
  • වේදනාව නිසා තෘෂ්ණාව පහළ වේ.
  • තෘෂ්ණාව නිසා උපාදානය පහළ වේ.
  • උපාදානය නිසා භවය පහළ වේ.
  • හවය නිසා ජාතිය (නැවත ඉපදීම) වේ.
  • ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෞර්මනස්‍ය උපායාසයෝ වෙත්.

මෙසේ මේ අමිශ්‍ර වූ දුඃඛස්කන්ධයා ගේ පහළ වීම වේ.