මෙසේ පඤ්චාභිඥා වශයෙන් ලබන ලද අනුසස් ඇති අතිශයින් ස්ථිර වූ සමාධි භාවනාවෙන් යුක්ත වූ යෝගාවචර භික්‍ෂුව විසින් ‘සීලෙපතිඨාය නරොසපඤ්ඤො-චිත්තං පඤ්ඤඤ්ච භාවං’[1] යි මෙහි චිත්ත ශීර්‍ෂයෙන් දැක් වූ සමාධිය සර්‍වාකාරයෙන් වඩන ලද්දේ වේ. (දැන්) එයට අනතුරු වැ ප්‍රඥා භාවනාව වැඩිය යුතු ය.
එහෙත් එය ‘පඤ්ඤං භාවයං’ යී ඉතා සැකෙවින් වදාරන ලද හෙයින් නො දත හැකි වේ. වැඩීමට අතිශයින් දුෂ්කර ද වේ. එහෙයින් ඒ ප්‍රඥා භාවනාව පිළිබඳ විස්තර ක්‍රමයෙන් දැක්වීම සඳහා මේ ප්‍රශ්න (විචාරීම) වේ.
අනු මාතෘකා
සං:නි: දෙවතා සං: 8 පිට ↑