භාජන පිදීමේ ආනිසංස

භාජනදායක හිමි පෙර කුඹල්කරුවෙක් වී සිටිය දී භික්ෂූන්ට භාජන දුන් පිනින් සක්විති රජ ද වී කල්ප අනූ එකක් සැප විඳ අවසානයේ නිවන් සැප ද ලැබීමට එය උපනිශ්‍රය වී ඇත.

(අපදාන පාලි 232 වන අපද්‍ය

පිළින්‍දිවච්ඡ හිමිට භාජන දන් දීමෙන් විපාක තුනක් ලැබුනා හ.

  • හැමකල් හි වටිනා භාජනම පරිභෝජනයට ලැබේ.
  • පතිවත ඇත්තා වූ භාර්‍ය්‍යාවන් ද, දැසි දස්සන් ද, යාන වාහන ද ලැබෙන්නා හ.
  • විද්‍යා ද, මන්ත්‍රයන් ද, නානා ආගමයන් ද සියලු ශිල්ප ද ඉගෙන ගැනීමේ ශක්තිය ලැබේ.