බෙහෙත් ඖෂධ පිදීමේ ආනිසංස

මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රජුන්ට ගිතෙල් පිදූ පිනින් අට වරක් සක් දෙවිඳු වුණේ ය. පනස් එක් වරක් සක්විති රජකම ලැබුවා. එසේම සෑම ජීවිතයක ම පාහේ අප්‍රමාණ භෝගසම්පත් ලැබුවා හ. අවසානයේ ඒ පින නිවනටද උපනිශ්‍රය වු බව 403 වන අපදානයේ පෙන්වා ඇත.

පිළින්‍දිවච්ඡ හිමිට බෙහෙත් පිදීමෙන් අනුසස් දහයක් ලැබුණා හ.

  • දීර්ඝායුෂ ලැබේ.
  • බලවන්තයෙකු වේ.
  • වීර්යය වන්තයෙකු වේ.
  • වර්ණ සම්පත් ලැබේ.
  • යශස් ඇත්තේ වේ.
  • සැප ඇත්තේ වේ.
  • උපද්‍රව නැත්තේ වේ.
  • අන්තරා නැත්තේ වේ.
  • හැම කල්හි ම ගරු කරන ලද්දේ වේ.
  • ප්‍රිය විප්පයෝග දුක් නො ලැබේ.