පාලම් ඒ දඬු ඉදිකිරීමේ ආනිසංස

ධෝතක හිමි පියුමතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පාලමක් ඉදිකර පූජා කළ පිනින් පහත සඳහන් විපාක ලැබී ඇති බව 404 අපදානයේ දක්වා ඇත්තා හ.

  • පර්වතයකින් හෝ ගසකින් වැටෙන්නට ගියේ ද පිහිට ලබයි.
  • සතුරන්ට මැඬලිය නො හැක්කේ වේ.
  • ලැබෙන වස්තුව සොරු පැහැර නො ගනිත්.
  • අන් අය අවමන් නො කරත්.
  • සතුරු බලවේග ජයගත හැකි වේ.
  • එළිමහනේ ගියේ ද දැඩි අව්වෙන් තැවුනේ ද දුක් වේදනා නො දැනේ.
  • දෙව් මිනිස් දෙගතියෙහි කැමති පරිදි ඇත් වාහන පහල වේ.
  • වාත වේගයෙන් යා හැකි වාහන ලැබෙත්. අවසානයේ නිවනට ද මේ පින උපනිශ්‍ර විය.