අරහං යන වචනයේ නොයෙක් තේරුම්

භාෂාවක වචන වලින් ඇතැම් වචනයකට ඇත්තේ එක් තේරුමකි. ඇතැම් වචන වලට තේරුම් දෙක තුන සතර පහ ඇත්තේ ය. ඇතැම් වචනයකට බොහෝ තේරුම් ඇත්තේ ය. අරහං යන වචනය බොහෝ තේරුම් ඇති වචනයෙකි. මෙතෙකින් විස්තර කරන ලද්දේ අරහං යන වචනයේ දක්ෂිණාව පිළිගැනීමට සුදුසු ය යන තේරුම ය. බුද්ධගුණයන් අතුරෙන් දක්ෂිණාව පිළිගැනීමට සුදුසු බව වු ගුණය ලෝකයාට ඉතා ප්‍රයෝජනවත් ගුණයක් වේ. ඒ නිසා දක්ෂිණාව පිළිගැනිමට සුදුසු ය යන මේ තේරුම අරහං යන වචනයේ ප්‍රධාන තේරුම යන සැටියට කිය යුතුය.

අනුත්තරං ධම්මචක්කඤ්ච ආණාචක්කඤ්ච පවත්තෙතුං අරහතී ති අරහා” යි විග්‍රහ කොට “අනුත්තර වු ධම්මචක්‍රය හා ආඥාචක්‍රය පැවැත්වීමට සුදුසු ය යන අථීයෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වෙතැ’යි ආචාර්යවරයෝ පවසති. මේ ක්‍රමය විශුඬිමාර්‍ගාදියෙහි දක්වා නැත. එසේ අථීය ගන්නා කල්හි තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති අනුත්තර ධර්ම චක්‍රය හා අඥාචක්‍රය පැවැත්විය හැකි ශක්තිය ද අරහං ගුණය වේ.