අරහං යන පදයෙන් විශේෂ කොට කියන ලෙව්තුරා බුදුවරුන්ගේ දක්ෂිණාර්භ භාවය, පසේ බුදුවරුන්ගේ බුද්ධ ශ්‍රාවකයන්ගේ දක්ෂිණාර්භ භාවයට බොහෝ උසස් ය. එය දක්ඛිණෙය්‍ය යන වචනයෙන් නො කියා අරහං යි විශේෂ වචනයකින් කියන්නේ ඒ නිසා ය. ඒ අරහං ගුණය සාමාන්‍ය මනුෂ්‍ය දිව්‍ය සම්පත් පමණක් නොව පුජා සත්කාර කරනුවන්ට ලොව්තුරා බුදුබව පසේ බුදුබව අග්‍රශ්‍රාවක බව මහා ශ්‍රාවක බව මහරහත් බව බුද්ධශ්‍රාවකයන් අතර ඒ ඒ කරුණෙන් අග්‍ර බව යන මේවා ද ලබා දිමට සමත් ය.
ලොවුතුරා බුදුබව ලැබිමට නම් ජිවමාන ලොවුතුරා බුදුකෙනෙකුට පුජා සත්කාර කොට ජිවමාන බුදු කෙනෙකුන් හමුවේම ඒ උත්තම තත්ත්වය පැතිය යුතු ය. බුදුන් පිරිනිවීමෙන් පසු චෛත්‍යයන් සමිපයේ හෝ බෝධී සමිපයේ හෝ බුද්ධ ප්‍රතිමා සමිපයේ හෝ ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධ ශ්‍රාවකයන් හමුවේ හෝ පතා බුදුබව නො ලද හැකි ය.
‘සචෙ ජිවමානක බුද්ධස්සෙ’ව සන්තිකෙ පත්ථෙති පත්ථනා සමිජ්ඣති, පරිබ්බුතෙ භගවති චෙතිය සත්තිකෙ වා බොධිරුක්ඛමූලේ වා පටිමාය වා පච්චේකබුද්ධ බුද්ධසාවකානං වා සන්තිකෙ පත්ථනා න සමිජ්ඣති.’
(බුද්ධවංසට්ඨකථා 75)
චෛත්‍යදින්ට පුජා පවත්වා ලොවුතුරා බුදුබව පැතිම නිෂ්ඵලය යි ද නො කිය යුතු ය. ඒ පින් ද ලොව්තුරා බුදුබව ලැබිමට උපනි:ශ්‍රාය වේ. ඉහත දැක්වු පාඨයෙන් දක්වන්නේ ලොව්තුරා බුදුවරුන් හමුවේ ප්‍රර්ථනාවක් නැතිව චෛත්‍යදියෙහි පුජා පවත්වා කරන ප්‍රාර්ථනාවෙන් ම බුදුබව නොලද හැකි බව ය. ජිවමාන ලොව්තුරා බුදුකෙනෙකුන්ට පූජාවක් කොට බුදුබව පතා නියත විවරණය ලබාගත් පින්වතාට ඔහු කරන සියලුම පින් ලොවුතුරා බුදුබව ලැබිමට උපනි:ශ්‍රාය වේ.
සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරනු පිණිස මඩගොහොරුවක හෙව තමන්ගේ ශරිරය ඒ දණ්ඩක් කොට පුදා ඒ බුදුරදුන් හමුවෙහි ලොවුතුරා බුදුබව පැතුහ. ලොවුතුරා බුදුකෙනෙකුන් හමුවේහි වුව ද බුදුබව පතන සෑම දෙනාටම ප්‍රර්ථනාව සිදුවන්නේ නොවේ. එය සිදුවන්නේ කරුණු අටක් සම්පුර්ණ වුවහොත් ය. සුමේධ පණ්ඩිතයන්ට එදා ඒ කරුණු අට සමපුර්ණව තිබුණ. එබැවින් එතුමාගේ ඒ පුජාව ඒකාන්තයෙන්ම ලොවුතුරා බුදුබව ලබා දිමට සමත් පිනක් විය. ලොවුතුරා බුදුවරයෝ යමකු තමන් වහන්සේ ඉදිරියේ බුදුබව පතා සිටියහොත් ඔහුට එය සිදුවන්නේ දැ යි අනාගතංශඥානයෙන් බලා වදාරා ඉදින් සිදුවන්නේ නම් ඒ බව ප්‍රකාශ කරන සේක. සුමේධ තාපසයන්ගේ ප්‍රාර්ථනාව සිදුවන බව දුටු දිවකුරු බුදුරජාණන් වහන්සේ:-
‘පස්සථ ඉමං තාපසං - ජටිලං උග්ගතාපනං
අපරිමෙය්‍යෙ ඉතො කප්පෙ - බුද්ධො ලොකෙ භවිස්සති’
(බුද්ධවංස)
යනුවෙන් බුදුබව පතා සිටින මේ තවුසා අනාගතයේහි බුදුකෙනෙක් වන්නේය යි ප්‍රකාශ කළ සේක. ලොවුතුරා බුදුකෙනෙකුන් විසින් එය ප්‍රකාශ කිරිමට, විවරණ දිමය යි කියනු ලැබේ. ලොවුතුරා බුදු කෙනෙකුගෙන් විවරණ ලැබු මතු ඒකාන්තයෙන් බුදුවන්නා වු උත්තම පුද්ගලයෝ බෝධිසත්ව නම් වෙති. බෝධිසත්ව යන වචනය තේරුම් කර ඇත්තේ මෙසේ ය.
‘බොධිති ඤාණං, බොධියා සත්තො බොධිසත්තො, ඤාණා වා පඤ්ඤා වා පණ්ඩිතො ති අත්ථො, පුරිමබුද්ධානං හි පාදමුලෙ අභිනීහාරතො පට්ඨාය පණ්ඩිතො’ ව සො සත්තො න අන්ධබාලොති බොධිසත්තො, යතා වා උදකතො උග්ගන්ත්වා ඨීතං පරිපාකගතං පදුමං සූරියරස්මි සම්ඵස්සේන අවස්සං බුජ්ඣස්සතී ති බුජ්ඣනක පදුමන්ති වුච්චති, එවං බුද්ධානං සන්තිකේ ඛ්‍යාකරණස්ස ලද්ධත්තා අවස්සං අනන්තරායෙන පාරමියො පූරෙත්වා බුජ්ඣස්සතීති බුජ්ඣනක සන්තොති පි බොධිසත්තො.’
(සංයුත්තනිකායට්ඨ කථා දු. භා. 16)
මේ අටුවා පාඨයෙන් කියවෙන්නේ ද ලොවුතුරා බුදුකෙනෙකුන්ගෙන් නියත විවරණය ලබා ඇති මතු ඒකාන්තයෙන් පෙරුම් පුරා බුදුවන බව ලබන තැනැත්තා බෝධිසත්ව නම් වන බව ය. බෝධිසත්ත, බෝසත් යන මේ අත්‍යුත්තම නාමය සම්බෝධියට පැමිණිමෙහි නියත බවක් නැති සාමාන්‍ය පුද්ගලයකුට ආරූඪ කිරීමත්, ඒ නම සාමන්‍ය පුද්ගලයන් විසින් තමාට ආරූඪකර ගැනිමත් ඒ උත්තම නාමයත් කිලිටි කිරිමත් නොවේ දැයි සිතා බැලිය යුතු ය.
පසේ බුදුවරුන් හමුවෙහි රහතුන් හමුවෙහි ප්‍රාර්ථනා කොට ද පසේ බුදුබව ලැබිය හැකි බව කියා තිබේ. අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක බව බුදු පසේබුදු, රහතන් හමුවේ ප්‍රාර්ථනා නොකළද ජිවිත පරිත්‍යගයෙන් ක්‍රියා කිරිමය, බලවත් ඕනෑකමය යන මේ දෙක ඇති කල්හි ලැබිය හැකි බව කියා තිබේ. එහෙත් අග්‍රශ්‍රාවක මහාශ්‍රාවකයන්ගේ චරිත කථා වලින් පෙනෙන්නේ උන්වහන්සේලා ද ලොව්තුරා බුදුවරුන්ට පුජා සත්කාර කොට ලොව්තුරා බුදුවරුන් හමුවේ ප්‍රර්ථනා කොට ඒ තත්ත්වවලට පැමිණි බව ය.