සැරයටි පිදීමේ ආනිසංස

දණ්ඩදායක හිමි මහා සංඝරත්නයට උණ ලීයකින් හැරමිටියක් කොට දීමේ පිනින් කල්ප අනූ හතරක් දුගතියකට නො ගිය අතර දෙව් මිනිස් සැප ම ලැබුවේ ය.

පිළින්‍දිවච්ඡ හිමිට සැරයටි පිදීමෙන් අනුසස් හයක් ලැබුණා හ.

  • බොහෝ පුත්‍රයන් ඇත්තේ වේ.
  • තැති ගැනීම් නො වේ.
  • හැම කල්හි අනුන් විසින් පීඩා නො කල හැක්කේ වේ.
  • සකලාරක්‍ෂාවෙන් ආරක්‍ෂාව ලැබේ.
  • චිත්ත පීඩා ඇති නො වේ.